1815 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වීමෙන් පසුව ඔව්‍න්ගේ අරමුණු ඉටුකර ගනු පිණිස මෙරට අද්යාපන ක්‍රමයක් අරභීය.ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදුන් මෙම අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය හිමි වුයේ ලාංකිකවත් පොහොසත්කම් ඇති දෙමාපියන්ගේ ළමුන්ට පැමිණි.සුදුසුකම් තිබුනත් ගැහැණු ළමයින්ට එම වරප්‍රසාදයට හිමි නොවීය.
එවන් පසුබිමක්යටතේ අධ්‍යාපනය ලත් ගමේ ප්‍රභූ ප්‍රභූ පිරිසකට පිරිසකට ගමේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ අවශ්‍යතාවය ඇති විය. ඒ අනුව 1905 දී කූඹියන්ගොඩ පින්හාමි මහතාගේ ගෙදරක කොටසක පාසල අරඹන ලදී. ඊට පුරෝගාමිටත්වය දැරූ කමිටුව අයත් වූයේ බී.ඒ.පින්හාමි, දොන් තේගිස් පණ්ඩිතරත්න, ඩබ්.එල්.බී.පුරිජ්ජල , එම්.බී.එ ඒනියරපොල ,ඩබ්. කපුවත්තේ යන මහත්වරුන් ය.එතුමන්ලාගේ උත්සහයේ ප්‍රතිපලයක් ලෙස 1907 දිී රජයේ ආධාර ලබන පාසලක් බවට මෙය පත් විය.
පලමුවෙන් ලමුන් 8 දෙනෙකුගෙන් හා එක් ගුරුවරයකුගෙන් ඇරඹී මෙම පාසලට කල්‍යත්ම පැමිණෙන ළමුන් සංඛ්‍යාව වැඩි වන්නට විය. පාසල පැවැති ගෘහය තුළ ඉඩ කඩ මදි වීමෙන් පාසල තේගිස් පණ්ඩිතරත්න මහතාගේ නිවසට ගෙනයනු ලැබිණ. එහිදී ඉඩකඩ මදි වීමෙන් පාසල තේගිස් පණ්ඩිරත්න මහතාගේ නිවසට නිවසට ගෙනයනු ලැබුණි.එහිදී ඉඩකඩ මදි වූ නිසා පසුව කොටුවේ ගෙදර ස්ථාන කිහිපයකටම ගෙන ගොස් ගොස් පාසල පවත්වා ඇත.
1912 දී කමිටුව විසින් බදු ගත් ඉඩමක ඉදිකරගත් තාවකාලික ගොඩනැගිල්ලකට පාසල ගෙන යන ලදී. එම ගොඩනැගිල්ල දිරාපත් වීමෙන් එහි ප්‍රතිසංස්කරණ ප්‍රතිසංස්කරණ කටයුතු කර ගැනීමට අපහසුවත් නිසා නිසා කමිටුව අසීරුතාවයට අසීරුතාවයකට මුහුණ පෑමට සිදුවිය සිදුවිය.
සර් හෙන්රිස්ටිල් ඕකට තුමාගේ නායකත්වයෙන් පැවැති පරම විඥානාර්ථ බෞද්ධ සමාගම අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු කළ අවධියේදී ඔවුන්ගේ අවධානයට කූඹියන්ගොඩ පාසල පාසල ද යොමුවිය. සමාගම විසින් කූබියන්ගොඩ නගරයට නුදුරින් කොටුවේගෙදර පාරේ පිහිටි ගොඩනැගිල්ලක විධිමත් ආයතනයක් ආයතනයක් ලෙස නැවත පාසල පාසල ආරම්භ කරන ලදී. ඔවුන් එදා එදා පාසල නම් කළේ ''බෞද්ධ බාලිකා පාසල'' යනුවෙනි. ක්‍රමයෙන් පාසලට ඇතුළුවන ළමුන් සංඛ්‍යයාව වැඩි වුයෙන් නැවත ඉඩකඩ පිළිබද ප්‍රශ්නයක් මතු විය.
එවකට පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ සභාපති ඩබ්.ඒ සිල්වා මහතාගේ උපදෙස් මත එස්.ඩබ් විජයතිලක මහතාගේ නායකත්වයෙන් ඇරඹී කූඹියන්ගොඩ ශ්‍රී බෞද්ධ බාලිකා සංගමය මෙම ඉඩම මිලදීගෙන 1924 දී ස්ථීර ගොඩනැගිල්ලක් ඉදිකරන ලදී. තවදුරටත් පාසලට පැමිණෙන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවීම හා ඉඩකඩ ප්‍රමාදවත් නොවීම නිසා 1948 දී ගුරු දෙගුරු සංගමය මගින් ප්‍රදේශවාසීන්ගේ ද උදව් ඇතිව තවදුරටත් තව ගොඩනැගිල්ලක් ඉදිකරන ලදී 1951 දී එහි වැ නිමවා ප්‍රයෝජනයට ගන්නා ලදී.
දිගුකාලීන නිහඬියාවකට පසුව පාසලේ පිබිදීමක් ඇති වූයේ හැත්තෑව දශකයේ අවසන් භාගයේ සිටය. ඒ වන විට ඉඩකඩ මදවුයෙන් පැවතියත් පාසලේ සංවර්ධන සමිතිය ගුරුදෙගුරුන්ගේ සහයෙන් 1980 දී පන්ති කාමර දෙකක් ගොඩනගන ලදී. ඒ සමගම පාසලේ බෞද්ධ ළමයින්ට ආගමික වතාවක් කිරීම සඳහා අඩුපාඩුවක්ව පැවැති බුදු මැදුර ඉදිකොට ඇලික් කළු විහාරය හා ලයනල් ජයතිලක යන මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් 1980 අති උත්සවාකාරයෙන් විවෘත කළඅතර එතෙක් භාවිත කළ කූබියන්ගොඩ ''බෞද්ධ බාලිකා පාසල'' යන නම වෙනුවට ''මාතලේ සුජාතා බාලිකා විදුහල'' නමින් වෙනත් නමක් වෙනස් කරන ලදී.
1982 වර්ශයේදී එතෙක් ළමුන්ට අඩුපාඩුව තිබූ විද්‍යාගාරයක් සඳහා පැවති දුෂ්කරතා මගහරිමින් අංග සම්පූර්ණ විද්‍යා කාමරයක් කාමරයක් රජය මගින් ලබා දෙන ලදී. ඒ වනවිට තවත් ගැටළුවකට පැවතියේ පාසලේ දේපල ආරක්ෂා කර ගැනීම ගැනීම පිළිබඳවයි. පාසල් සංවර්ධන සමිතියේදී මේ පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙමාපියන්ගේ , ගුරුවරුන්ගේ ප්‍රදේශයේ ප්‍රභූවරුන්ගේ හා සිසු දරු දැරියන්ගේ ආධාර ඇතිව ඉතාමත් දර්ශනීය තාප්පයක් කර ගැනීමට හැකි විය. ක්‍රම ක්‍රමයෙන් පාසල දියුන වෙත්ම එහි ළමුන් සංඛ්‍යාව වැඩි වූයෙන් තවදුරටත් ඉඩකඩ ප්‍රශ්නය පැන නැගිණී.
1990 වර්ෂයේදී මෙයට පිළියමක් ලෙස පාසල් සංවර්ධන සමිතිය යෝජනාවක් අනුව ගුරු දෙගුරුන්ගේ සහයෙන් කාමර දෙකකින් යුත් ශාලාවක් ශාලාවක් ඉදිකර ගැනීමට ගැනීමට සාකච්ඡා කර ගන්නා ලදී. එම ගොඩනැගිල්ලේ අත්තිවාරම මුලින්ම එල්.පී ගාමිණී චන්ද්‍රසිරි මහතා විසින් නිමවා දුන් අතර පළාත් සභා මන්ත්‍රී ලයනල් සෙනෙවිරත්න මැතිතුමා විසින් විමධ්‍යගත අය වැය යටතේ තමාට ලැබුණු ප්‍රතිපාදන වලින් රුපියල් 57,000 ලබා දෙන ලදී. එයින් ගොඩ නැගිල්ලේ අඩක වැඩ කටයුතු නිම කර ගත හැකි විය.
අප විදුහලේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස විදුහල් භූමියට යාබද ඉඩම පවරා ගැනීම දැක්විය හැකිය. ඇඹිල්ල රජ මහා විහාරයේ පැවති එම ඉඩම මල්වතු විහාර වාසි අමුණුගම පූජ්‍ය අත්ත දස්සී හිමි පාණන්ගේ දැඩි උත්සාහයෙන් එය පාසලෙන් ලබා ගැනීමට හැකි විය. සෑම අවස්ථාවේම උන්වහන්සේව ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරමි.
1992 වසරේ පාසලට විදුලි බලය ලබා ගැනීමද පැවති විශාල අඩුපාඩුවක් සම්පූර්ණ සම්පූර්ණ කර කර ගැනීමකි. මේ සඳහා සඳහා අපට සහයෝගය දැක්වූයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී.ජී ජිනදාස මැතිතුමාය.
1993 වසර වන විට ක්‍රීඩා පිටිය පුළුල් කිරීමත් කාමර හතරකින් යුක්ත නව ගොඩනැගිල්ලක් ලබා ගැනීමට අප විදුහල්පති එවන පී.කේ මුල්ආරච්චි මහත්මියගේ නොමද කැපවීම, උත්සාහය එයට ඉවහල්වුවා යැයි කිව හැකිය.
1994 වසර වන විට පුළුල් කරන ලද ක්‍රීඩා පිට්ටනියේ ඉතාමත්ම දර්ශනීය ක්‍රීඩා උලෙලක් පවත්වා සිසුදැරියන්ගේ ක්‍රීඩා හැකියාව උරගා බැලීමට හැකි විය.

|
ආරම්භ කළ වර්ෂය |
1905 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
08 |
|
මුල් ගුරුතුමාගේ නම |
B.A පින්හාමි |
|
පාසලේ ආදි කතෘගේ නම |
B.A පින්හාමි මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කූඹීයන්ගොඩ බෞද්ධ බාලිකා පාසල |
|
පාසල භාරව කටයුතු කිරීම |
B.A පින්හාමි |
|
පාසල රජයට පවරාගත් දිනය |
1907 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
B.A පින්හාමි මහතාගේ නිවසේ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
____________ |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
____________ |






